කොළඹ නගරයේ සුළගේ පවතින දූවිලි අංශු ප්‍රමාණය හෙට (13දා) දිනයේ යම් ඉහළ යාමක් සිදුවිය හැකි බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
අද (12දා) සහ ගෙවී ගිය දින දෙක තුන තුළ දූවිලි අංශු ප්‍රමාණය සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබූ බවත්, පසුගිය 05 වැනි දින හා 06 වැනි දින දූවිලි අංශු ප්‍රමාණය ඉහළ ගිය බවත් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.
හෙට දිනයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යා හැකි නිසා ශ්වසන ආබාධ සහිත පිරිස් හා ගැබිනි මව්වරුන් සහ කුඩා දරුවන්ගේ පිළිබඳව දෙමාපියන් අවධානය යොමුකළ යුතු බවත් ඔහු කියා සිටියේය.