ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වාභාවය දකුණු මුහුදු ප්‍රදේශය හරහා දිවයිනට බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේට අද දිනයේදී ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතයේ බලපෑමට යටත්ව දිවයිනේ බොහෝ පළාත්වල වැසි තත්ත්වය 29 දා දක්වා වර්ධනය වන ලකුණු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.