හංගේරියාව විසින් මිලදී ගත් චීනයේ සීනොෆාම් කොවිඩ්-19 එන්නතෙහි තුන්වැනි තොගය ඊයේ (17දා) එරටට පැමිණි බව හංගේරියානු විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍ය පීටර් සිජ්ජාර්ටෝ පවසයි.
ඒ අනුව චීන එන්නත් 100,000ක් එකඟ වූ දිනට වඩා දින 43කට පෙර පැමිණ ඇති බවත්, එමගින් රටේ ජනතාවට කලින් එන්නත ලබාගත හැකි බවත් ඔහු පැවසීය. මෙහි පළමු තොගය පෙබරවාරි 16දා සහ දෙවැනි තොගය මාර්තු 11දා පැමිණියේය. චීන එන්නත් මිලදී ගත් සහ ඒවායේ භාවිතය අනුමත කළ පළමු යුරෝපා සංගම් සාමාජිකයා හංගේරියාවයි.
එමෙන්ම පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර ආසන්න නූර් ඛාන් ගුවන් කඳවුරේ පැවති උත්සවයකදී චීන රජය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් දෙවැනි තොගය පාකිස්තානය වෙත පිරිනමා තිබේ.
මෙම අවස්ථාවට එක්වෙමින් පාකිස්තාන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් සුල්තාන්ගේ විශේෂ සහකාර පාකිස්තානයට නැවත වරක් කොවිඩ්-19 එන්නත් තොග ලබාදීම පිළිබඳව චීන රජයට ස්තූතිය පුද කළේය. පාකිස්තානයේ එන්නත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා අලුතින් පැමිණි සීනෝෆාම් එන්නත් මාත්‍රාව ඉතා වැදගත් වන අතර, එම එන්නතෙහි කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව ඉතා හොඳ බව ඔහු පැවසීය.
මාර්තු 10දා පාකිස්තානය වයස අවුරුදු 60 සහ ඊට වැඩි අයට එන්නත ලබාදීම ආරම්භ කළේය.
මේ අතර චීනයෙන් පරිත්‍යාග කරන ලද එන්නත්වල පළමු තොගය ඊයේ (17දා) කොමොරෝස් වෙත පැමිණියේය. කොමොරෝස් ජනාධිපති අසාලි අසූමානි, කොමොරෝස් හි චීන තානාපති හේ යන්ජුන් සහ ප්‍රාදේශීය නිලධාරීන් ගුවන් තොටුපළට පැමිණ මෙම එන්නත් තොගය පිළිගනු ලැබීය.
එමෙන්ම කොමොරෝස් රජයේ ආරාධනයෙන් චීන රජය විසින් පිටත් කර හරින ලද 12 දෙනෙකුගෙන් යුතු වසංගත රෝග විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්ද වෛරසයට එරෙහිව සටන් කිරීමට දේශීය වෛද්‍ය කාර්ය මණ්ඩලයට පුහුණුව ලබාදීම එම යානයෙන් පැමිණ සිටියහ.