හොංකොං වෙත ඇතුළු වන ඕනෑම අයෙකුගේ නිරෝධායන ක්‍රියාවලිය තහවුරු කරගැනීම සඳහා ඔවුන් සියලු දෙනාට ඉලෙක්ට්‍රොනික අත් පැලඳුමක් ලබාදෙයි.
ඒ අනුව නිරෝධායනය යටතේ ඔහු දින 14ක් නිවසේ රැඳී සිටියදී හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී ඔහුගේ චලනයන් නිරීක්ෂණය කිරීම මෙම අත්පැළඳුම හරහා සිදුවන බව කියයි.
හොංකොං හි ආසාදනයවීම් මන්දගාමී වීමෙන් පසු පසුගිය සති දෙක තුළ විදේශයන්ගෙන් පැමිණෙන පිරිස් වෙතින් රට තුළ වසංගතය යළි හිස එසවීමක් දක්නට ලැබුණු බැවින් එය වැළැක්වීම සඳහා මෙම පියවර දැඩි කර තිබේ.
හොංකොං රජය විසින් සංචාරක සීමාවන් ප්‍රකාශයට පත්කර ඇති අතර, විදේශ රටවලින් පැමිණෙන සියලුම සංචාරකයින්ට දින 14 නිරෝධායනයට භාජනය විය යුතුය.
අත් ඔරලෝසුවක් හා සමාන මෙම පැලඳුම ස්මාට් ඇප් එකක් හරහා පැමිණෙන මගීන් නිරෝධායනය උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳ නිලධාරීන් දැනුවත් කරනු ඇත.