තමන් සේවය කරන කාර්යාලයට රාජකාරි සඳහා වාර්තා කිරීමට අපහසු නිලධාරීන් ළඟම පිහිටි ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයට වාර්තා කරන ලෙසත්, එසේ වාර්තා කරන කාර්යමණ්ඩලය වෙත අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස සියලුම පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරුන් හා ප්‍රාදේශීය තැපැල් අධිකාරිවරුන් වෙත උපදෙස් දී ඇති බවත් තැපැල්පති ඩී.එල්.පි.ආර්. අභයරත්න මහතා පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් අපේක්ෂිත පරිදි මහජන සේවය සැපයීමට බාධාවන් එල්ලවී තිබේ.
ඒ අනුව මහජන සේවය අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා තැපැල් සේවක නිවාඩු අවලංගු කර ඇති බවත් රාජකාරියට වාර්තා කරන තැපැල් සේවකයන්ට බාධා කිරීම් සිදු වුවහොත් ඊට අදාළ පියවර ගන්නා බවත් තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
