සේනා මර්දනය කිරිමට ඇමෙරිකාවේ පරිසර හිතකාමි වෛරසයක් ගෙන්විමට අවසර
සේනා දළඹුවා මර්දනය කිරිම සඳහා ඇමෙරිකාව විසින් සොයාගත් පරිසර හිතකාමී වෛරසය ලංකාවට ගෙන්වීමට අවසර ලබාදුන් බව පලිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය සඳහන් කරයි.
සේනා දළඹුවා මර්දනය කිරිම සඳහා අදාළ වෛරසය රට තුළට ගෙන්විමට සැලසුම් කළද, පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය අවසර ලබානොදීම නිසා මෙතෙක් එම වෛරසය ගෙන්විමට නොහැකි වි තිබෙන බවට කෘෂිකර්ම නිලධාරීන් පසුගිය දිනවල ප්රකාශ කරනු ලැබීය.
මේ පිළිබඳ “අද” පලිබෝධ නාශක රෙජිස්ටාර් සුමිත් අතපත්තු මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, අදාළ වෛරසය ගෙන්විමට අවසරය ලබාදී තිබෙන බවයි.
මෙම වෛරසය කඩිනමින් ලංකාවට ගෙන්වා දැනට සේනා දළඹුවන් වාර්තා වි තිබෙන ප්රදේශවලට ඉසීමකට ලක්කිරීමට සැලසුම් කර තිබෙන අතර, මීට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්ද සේනා දළඹුවා මර්දනය කිරිම සඳහා කුඩා ජීවියෙකු යොදාගැනීමටත් අත්හදා බැලීම සිදුකරමින් තිබේ.

popular news
-
Kumar Tuesday, 19 November 2019 09:47 PM
ඇමෙරිකාවේ වයිරස් ලංකාවට ගෙනෙන එක හොඳ දෙයක් නොවේ. ඇමෙරිකාවේ එක ආකාරයකට හැසිරෙන වයිරස් ලංකාවේ පරිසරයේ මොන ආකාරයෙන් ක්රියා කරයිද යන්න කවුද දන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

