සේනා මඩින්න එංගලන්තයෙන් උගුල් 20000ක් ගෙන්වීමට යයි
සේනා දලඹුවන්ගේ ගහණය පාලනය කිරීම සඳහා ෆෙරමෝන උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කරීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
මහඉලුප්පලම ගොවි පර්යේෂණ ආයතනයහි සිදුකල ක්ෂ්‍රෙත්‍ර චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
එහිදී පෙරමෝන උගුල මගින් සළඹුවන් උගුලට හසුවන ප්‍රවණතාව පිළිබද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදුකල නිරීක්ෂණ සටහනද අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.
මූලිකවම දලඹුවා විසින් බඩඉරිඟු, කුරක්කන්, උක්, සෝගම්, මාංශ බෝග හානියට පත්කරන බවත් ගෝවා, බීට්, රටකජු,රතුළූණූ, සෝයා බෝංචි, බී ළූණු, තක්කාලි වගාවන් සඳහාද දලඹුවාගෙන් අර්ධ හානි විය හැකි බව නිලධාරීන් එහිදී පෙන්වා දුන්නේය.

popular news
-
නන්දන Tuesday, 05 February 2019 09:58 PM
උගුල් 20,000 ක් ?? කල්ල මරේ !!
Reply : 0 0
Champa Wednesday, 06 February 2019 10:38 AM
මෙන්න සල්ලි ගසා කන්න තවත් උගුලක්. ඔය උගුල මහා ලොකු එකක් නෙමෙයි එංගලතෙන් ගෙන්වන්න. ඒවා තියෙන්නේ pantry වලට හරි ගෙදර garden එකට හරි එන සලබයන් අල්ලන්න. ඕකත් එක්ක ඉටි වර්ගයක් දෙනවා. ඔය trap එක ලේසියෙන්ම ලංකාවේ හදන්න පුළුවන්. මල්ටි බැරල් රොකට් ලෝන්චර් හදන ලංකාවට ඕ වගේ චූටි එකක් හදා ගන්න බැරිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

