බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේ සිට නව බස් රථ සේවාවන් 11ක් ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබේ.
ඒ අනුව සෙත්සිරිපාය කේන්ද්‍ර කර ගනිමින් කිරිඳිවැල, යක්කල, කටුනායක, පාදුක්ක, මතුගම, හොරණ, අවිස්සාවේල්ල, නිට්ටඹුව, කොළඹ කොටුව, දෙමටගොඩ දුම්රිය ස්ථානය සහ කඩවත දක්වා මෙම බස් රථ සේවාවන් යොදවනු ඇත.
මෙම සේවාවන් අද (16දා) දින ආරම්භ කරන ලද අතර, එම අවස්ථාවට එක්වෙමින් විෂය භාර ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කර සිටියේ, කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමත් සමග රැකියා සඳහා පැමිණෙන කාර්යාල සේවකයන්ගේ පහසුව මූලික කර ගනිමින් මෙම සේවාව ක්‍රියාත්මක වන බවයි.