ශ්‍රී ලංකාවේ ප්‍රථම සූර්ය පැනල නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඊයේ (21දා) උදෑසන සිය නිෂ්පාදන ආරම්භ කළේය. ජපානයේ සූර්ය පැනල නිෂ්පාදන සමාගම් 05 ක් එක් වී 100% ක් ජපාන ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කර ඇත.
"සකුරා සෝලා" ආයතනයේ ශ්‍රී ලංකා ආයෝජනයේ වටිනාකම රුපියල් බිලියන 05 කි. මෙහි වොට් 320 ක ධාරිතාවයෙන් යුතු සූර්ය පැනල මසකට 17,000 ක් නිපදවීමට සැලසුම් කර ඇත. සූර්ය බල සංග්‍රාමය යටතේ ඉදිරි 2020 වසර තුළ ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 20% ක් , එනම් මෙගා වොට් 1,000 ක් සූර්ය බල ශක්තියෙන් ලබා දීමට රජය සැලසුම් කර තිබේ.
මීට අමතරව ඉදිරි වසර වලදී ඉන්වටර් සහ LED විදුලි බල්බ නිෂ්පාදනයට ද සම්බන්ධ වීමට බලාපොරොත්තු වන මෙම කම්හල , දැනටමත් සිය නිෂ්පාදන සදහා ,SLS , TUV, ISO, තත්ව සහතික ගනනාවක් ද ලබා තිබේ. මෙම නව කම්හලේ නිෂ්පාදන වලින් 20% ක් ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳ පළ සදහා ද , ඉතිරි 80% ජපානය වෙත අපනයනය කිරීමට ද සැලසුම් කර තිබේ.
ටී.කේ.ජී. කපිල
