වඩුක්කොට්ටේ කාට්ටුම්පුලම් සුලිපුරම් ප්රදේශයේ ඊයේ (25දා) සවස ළිඳක වැටී සිටියදී හමු වූ දැරියගේ මරණය පිළිබඳ තොරතුරු ඒ සම්බන්ධයෙන් සිදු කළ මරණ පරීක්ෂණයේදී හෙළිව තිබේ.
ඒ අනුව එය ගෙල සිරකර සිදුකරන ලද ඝාතනයක් බවත් සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සුලිපුරම් ප්රදේශයේම පදිංචි ශිවකුමාර් සදීස් කුමාර් නමැති 22 හැවිරිදි තරුණයෙකි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හෙට (27දා) මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම ප්රදේශයේ පොදු ළිඳකට කුඩා දැරියක වැටී සිටින බවට ඊයේ (25දා) ලද තොරතුරක් මත විමර්ශනය කළ පොලීසියට මියගිය දැරියගේ සිරුර හමුවූ අතර ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 6ක් වයසැති සුලිපුරම් ප්රදේශයේ ශිවනේෂන් රජීදා නමැති පාසල් දිරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් වඩුක්කෝට්ටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
