යාපනය වඩුක්කොට්ටෙයි සුලිපුරම් ප්‍රදේශයෙ ඝාතනයට ලක් වූ දැරියගේ මරණයට අදාළ පරීක්ෂණ කටයුතු විධිමත් කරන්නැයි ඉල්ලා විරෝධතාවක් සිත්තන්කේනි මංසන්ධියේදී අද (28දා) පවත්වා තිබේ.
එම ඝාතනය සම්බන්ධයෙන් මුලදී සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් පස් දෙනෙකු පොලිස් ඇප මත මුදා හැරීම් පිළිගත නොහැකි බවත්, අත්අඩංගුවට ගැනීමට සිටින ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු වහා අත්අඩංගුවට ගන්නා ලෙසටත්, පාසල් දැරියගේ මරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයටත් ළමාරක්ෂණ අධිකරියටත් පරික්ෂණයක් සිදු කරන ලෙසටත් විරෝධතාකරුවෝ එහිදී ඉල්ලා සිටියහ.
එම විරෝධතාවට ප්‍රදේශයේ පාසල් දරු දැරියන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
යාපනය වඩුකොට්ටෙයි සුලිපුරම් ප්‍රදේශයේ ළිඳකට වැටී සිටියදී 06 හැවිරිදි ශිවනේස්වරන් රෙජීනා දැරියගෙ මළසිරුර පසුගියදා (25දා) සොයාගත් අතර පසුව මරණය ගෙල සිරකොට ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.



