සුරාබදු පනත යටතේ නඩු ගොනුකිරිමට පොලීසියට නීතියමය ප්‍රතිපාදන ඇති බවට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (04දා) සඳහන් කළේය.
සුරාබදු පනත යටතේ පොලීසියට නඩු පැවැරීමට බලයක් නොමැති බවට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙ පසුගිය දිනක විවාදයක් ඇතිවිය.
මේ වෙනුවෙන් පොලීසිය වෙනුවෙන් බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරනු ලැබිය.
එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විත්තියේ විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් සුරාබදු පනත යටතේ පොලීසියට නඩු පැවැරීමේ බලය ඇති බවට තීරණය කළේය.
