ලංකා සතොස ආයතනයේ සිදු වූ මහා පරිමාණ සුදුළූණු වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් දීම පිළිබඳ පරීක්ෂණ ආණ්ඩුව අතින් අත යවමින් නාට්‍යක ස්වරූපයේ රංගනයක් මාධ්‍ය ඉදිරියේ සිදු කරන බවත් මෙම වංචාව පිළිබද ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ස්ථාවර නියෝග 27/2 යටතේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
සතොස ආයතනයේ දැවැන්ත පරිමාණයේ සුදුළූණු පිළිබඳ වංචාවක් සිදුව ඇති බව අවංකව රජය පිළිගන්නා බවත් එමෙන්ම මෙම වංචාව හරහා අදාල ආයතනයේ ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වී තිබෙන බවත් ඊට පිළිතුරු ලබා දෙමින් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම වංචාව පිළිබද සියලු කරුණු ඇතුලත් සවිස්තරාත්මක අමාත්‍යාංශ වාර්ථාවක් හෙට (06දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.