පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.
පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජනය වන පරිදි එවැනි තේරීම් කාරක සභාවක් පත් කළ හොත් මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාසල් සිසුන් ලක්ෂ 45කගේ ජීවිත සහ අනාගතය බේරා ගැනීම සඳහා කථානායකවරයා මැදිහත් වනු ඇතැයි විශ්වාස කරන බවද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම පවසා සිටියේය.
