සිරිකොත වැසූ බවට සඳහන් ප්‍රවෘත්තිය අසත්‍යයි
21දා සිරිකොත මන්දිරයේ ගේට්ටු වසා කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොදුන් බව පැවසෙන අසත්‍ය ප්‍රවෘත්තියක් කිසියම් පිරිසක් විසින් පතුරවමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එවැනි සිදුවීමක් සිදුනොවූ බවත් 20 දා පැවති එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය මණ්ඩල හමුවේ දී එළැඹි පොදු තීරණය වූයේ මහජන නියෝජිතයනට ස්තුති කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා විසින් 21 වන දා සිරිකොත මන්දිරයේ දී පැවැත්වීමට සූදානමින් සිටි උත්සවය කල් දැමීම වඩාත් සුදුසු බව බවත් මහ ලේකම්වරයා සිය නිවේදනය සඳහන් කරයි.
ඒ අනුව සියළු පාර්ශවයන් වෙත එම තීරණය දැනුම් දීමට කටයුතු කෙරිණු බවත් එදින රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති දුරකථන සංවාදයේ දී ඔහු දැනුම් දුන්නේ සමහර කණ්ඩායම් වෙත පණිවිඩය යැවීමට නොහැකි වීම නිසා පැමිණෙන නියෝජිතයන් වොක්ෂෝල් වීදිය කාර්යාලයේ හමුවීමට කටයුතු යොදන බව යැයිද සියළු කටයුතු සිදුවූයේ ඒ එකඟතාවය අනුව බවත් මහ ලේකම්වරයාගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
-
චමින්ද Friday, 22 November 2019 06:55 AM
එතකොට රූපවාහිණී පුවත් මගින් පෙන්වූ දෙය බොරුවක්ද.පුවත් පතේ මොනවා තිබුනත් අපි දුටුදේ සත්‍යයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

