සියවසේ දීර්ඝතම චන්ද්රග්රහණය අද
මෙම සියවසේ දීර්ඝතම චන්ද්රග්රහණය දැකගැනීමේ විරල අවස්ථාව ශ්රී ලංකාවාසීන්ට අද (27දා) උදාවේ.
නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කර සිටින්නේ පූර්ණ චන්ද්රග්රහණයක් ලෙසින් දිස්වන මෙයඅද රාත්රී 10.45ට පමණ ආරම්භවන අතර, හෙට අලුයම (28දා) 04.58ට පමණ අවසන් වන බවයි.
එහිදී පූර්ණ චන්ද්රග්රහණ අවස්ථාව අලුයම 01.00 සිට අලුයම 02.43 දක්වා පවතින බවත්, ඒ අනූව පූර්ණ චන්ද්රග්රහණය පුරා පැය 01යි මිනිත්තු 42ක් පමණ පවතින බවත් එම ආයතනය සඳහන් කර සිටියි.
චන්ද්රයා පෘථිවිය වටා ගමන් කරන කක්ෂය ඉලිප්සාකාර වේ. ඉලිප්සාකාර මාර්ගයක චන්ද්රයා ගමන් කරන විට චන්ද්රයා පෘථිවියට සමීපතම අවස්ථාව පෙරිජී (perigee) ලෙසද, පෘථිවියට දුරින් පිහිටන අවස්ථාව ඇපෝගී (apogee) ලෙසදහැඳින්වේ. මෙමචන්ද්රග්රහණඅවස්ථාවේදී චන්ද්රයා පෘථිවියට දුරින්ම පිහිටන අවස්ථාවේ පිහිටීම හේතුවෙන් චන්ද්රයා පෘථිවියේ සෙවණැල්ල හරහා යෑමටවැඩි කාලයක් ගතවේ. මේ හේතුවෙන් චන්ද්රග්රහණයේ කාලය දීර්ඝ වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
