සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් ත්‍රස්ත අවදානම අඩුවන්නේ නෑ
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් ත්‍රස්ත අවදානම නොඅඩුව පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් මේතාක් සාර්ථක පියවර රැසක් ගෙන තිබෙන බවත්,වාර්ගික ගැටුම් ඇති නොවන අයුරින් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ නීතිය හා සාමය ආරක්ෂා කරගනිමින් මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා රජයට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත්,ඉන් පසු රට නැවතත් සුපුරුදු තත්ත්වයට පත් වනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මේතාක් සිදුකළ අනර්ඝ මෙහෙවර සම්බන්ධයෙන් රටේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ වෙත තම ප්‍රණාමය පළ කරන බවත්,ආර්ථික ක්‍රියාකාරකම් මනා ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය වාතාවරණය හැකි ඉක්මනින් ඇති කිරීමට පියවර ගන්නා බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙම ත්‍රස්ත උවදුර මැඬපැවැත්වීම සඳහා රජයේ සියලු අංශ අතර සහයෝගය වර්ධනය කරගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දී ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා ප්රමුඛ සංචාරක ක්ෂේත්රයේ නියෝජිත කණ්ඩායමක් සමග අරලියගහ මන්දිරයේ පසුගියදා පැවැති හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියේය.

popular news
-
චමින්ද Monday, 06 May 2019 06:53 AM
දැනට ත්රස්තයන් කොපමන අත්අඩංගුවට ගෙන තිබේද තවත් කොපමන ගන්න තිබේද අවදානම අඩුවන්නේ නැත්නම් පාසැල් පවත්වන්න නියමකලේ ඇයි.
Reply : 0 1
Champa Monday, 06 May 2019 10:03 AM
පලවෙනි සැකකරු තාම රටේ අගමැති. මිනිහව අල්ලන්නේ කවදද, එතකම් රට අරාජිකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

