විධිමත් වැඩපිළිවෙළක් යටතේ සියලු මෝටර් රථ නියාමනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට උපදෙස්දී තිබේ.
හෙතෙම මෙම උපදෙස්දී ඇත්තේ නව රජය පත් වීමත් සමග එම රාජ්‍ය අමාත්‍යාංශයේ පළමු කාර්යභාරය ලෙස මෝටර් රථ නියාමනය සඳහා මෙලෙස අවධානය යොමු කරන ලෙසයි.
අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් අදාළ ධුරයන්ට පත් කිරීමත් සමග එම අමාත්‍යාංශයන්හි කාර්යභාරය ජනාධිපතිවරයා විසින් ලිඛිතව ලබාදී තිබේ.
ඒ අනුව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එම ධුරය සඳහා පත් කිරීමත් සමග ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති එම අමාත්‍යාංශයේ ප්‍රථම කාර්යභාරය ලෙස %මෝටර් රථ නියාමනය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම^ දක්වා ඇති බව සඳහන්ය.
මීට අමතරව පාසල් ළමයින් ප්‍රවාහන රථ සඳහා අනුමත වර්ණයක් හඳුන්වා දීම, වාහන මොඩිෆයි කිරීමේ නීතිරීති ලිහිල් කිරීම ඇතුළු තවත් කරුණු රාශියක් සම්බන්ධයෙන් වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය මේ වනවිට අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.