රාජ්‍ය, පෞද්ගලික අංශවලට හා වතු ක්ෂේත්රයට බලපාන පරිදි රුපියල් 10,000ක මාසික වැටුප් වැඩි වීමක් අවශ්‍ය බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා අද (19දා) පැවසීය.
2015 වසරෙන් පසුව තෙල්, ගෑස් මිල බස් ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමත්, අධික ලෙස බදු පැනවීමත් හේතුවෙන් ජනතාවගේ ජීවන වියදම රුපියල් 5,000කින් වැඩි වී තිබෙන බවද සංවිධායක ලේකම්වරයා පෙන්වා දෙයි.
කම්කරු අරගල මධ්‍යස්ථානය රුපියල් 10,000ක වැටුප් වැඩි වීමක් දිනාගැනීමට ඉදිරියේදී කම්කරු පන්තිය පෙළගස්වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ජීවන වියදම වැඩි වීම, ජනතාව මත බදුබර පැටවීම, රාජ්‍ය, පෞද්ගලික, වතු වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළකරමින් කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකදී හෙතෙම මේ බව කියා සිටියේය.










ඡායාරූප-ඒශාන් ප්‍රනාන්දු