සිංහල මව්වරුන් වඳ කළ බවට පළවූ වාර්තාව ගැන පරීක්ෂණයක්
ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙක් සිංහල මව්වරුන් 4000ක් පමණ වඳ සැත්කම්වලට භාජනය කළ බවට අද දිනයේදී ඇතැම් මාධ්‍ය වාර්තා කළ තොරතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
ඒ අනුව මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් සිදුකිරිමට නියමිතව තිබේ.
එසේම එම වාර්තා සම්බන්ධයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේද අවධානය යොමුවිය.
තමන් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් හා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් විමසා සිටි බව පැවැසූ කථානායකවරයා ඔවුන්ද ඒ පිළිබඳව නොදැනුවත් බව පැවැසීය.
එසේම හෙට දිනයේදී ඒ පිළිබඳව වාර්තාවක් ලබාගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
රංග Thursday, 23 May 2019 04:02 PM
ලංකාවෙ අවුරුද්දකට සිද්ධ වෙන දරු උපත් සංඛ්‍යාව දළ වශයෙන් 350,000 ක්.අවුරුද්දකට වැඩිම දරු උපත් සිද්ධ වෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ. ඒ 60,000 ක් පමණ.ඊළඟට වැඩිම දිස්ත්‍රික්ක වන මහනුවර දිස්ත්‍රික්කයේත් උපත් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් බාගයකටත් වඩා අඩුයි.ලංකාවෙ හැම රෝහලකම දරු උපත් සිදු වෙනව. පොඩි පොඩි රෝහල් වල සිදු වෙන දරු උපත් සංඛ්‍යාව නොසලකාම හැරියොත් (නොසලකා හරින්න බැරි තරමක් ඒවගෙත් වෙනව. ඒත් ඒ නෝමල් ඩිලිවරීස්. සිසේරියන් කරන්නෙ නෑ ඒවගෙ) සිසේරියන් සැත්කම් කරන්න පහසුකම් තියන රෝහල් 140 ක් ලංකාවෙ තියනව.2015 Annual Health Bulletin එකට අනුව සිසේරියන් සැත්කම් වලින් දරුවන් 104,000 ක් පමණ බිහි වෙන්නෙ. කොළඹ තියන කාන්තා රෝහල් වල ඉතා ඉහල සංඛ්‍යා වලින් සිද්ධ වෙන දරු උපත් නොසලකා, පෞද්ගලික රෝහල් වල වෙන ගණං නොසලකා, සිසේරියන් සැත්කම් කරන්න පහසුකම් තියන රෝහලක අවුරුද්දකට සිද්ධ වෙන, මධ්‍යන්‍ය සිසේරියන් සැත්කම් ප්‍රමාණය ගණං හැදුවොත්, 745 යි. ඔය වගේ රෝහලක ඉන්න වෛද්‍යවරු සංඛ්‍යාව ගැන සලකද්දි, එක වෛද්‍යවරයෙකුට, අවුරුද්දකට සිසේරියන් සැත්කම් 185 කට වඩා කරන්න වෙන්නෙ නෑනෙ ගණිතානුකූලව.එහෙම බැලුවම එක වෛද්‍යවරයෙකුට
Reply : 20 60
Champa Thursday, 23 May 2019 06:38 PM
පොලිසියේ ඉක්මන් ප්‍රතිචාරය හොඳයි. ඉක්මනට හොයල බලල මේක ඇත්ත නැත්ත එලි කරන්න. කල් ගත්තොත් සිද්ධ වෙන දේ දන්නවනේ. 4000ක් කියන ගාන ලොකු ගානක්. ප්‍රයෝගිකව කතාව ටිකක් පිළිගන්න අමාරුයි. නමුත් කවුරුවත් නොහිතපු විදිහට වෙච්ච දේවල හැටියට. පහුගිය කාලේ වඳ පෙත්තක් ගැන කතාවක් ආව. මිනිස්සු විශ්වාස කළා ඒ මොකොද කිව්වා නම් ඒ ගැන කිසි හොයා බැලීමක් කලේ නැති නිසා. ජාතිවාදී කොලහලෙක්ට මේක හේතුවක් කරගන්න ඉඩ නොතියන එකට පොලිසියට ලොකු වගකීමක් තියෙනව. ඒ මොකොද මේවා හුගක් සංවේදී කාරණා. මේ වගේ දේවලින් මිනිස්සුන්ව අවුස්සන්න පුළුවන්. දැන් දවස් කීපෙකට ඉස්සෙල්ල මෙතනම ලිව්වා ආයේ බෝම්බ පුපුරන්නේ නැහැ නමුත් ප්‍රශ්නේ ඉවර නැහැ. නැවත කලකෝලාහල ඇති වෙන්න පුළුවන් කියල. හමුදාව ඒකට සූදානම් වෙලා ඉන්න ඕනේ. පොලිසියත් ගැටුම් ඉවර වුනාට පස්සේ මිනිස්සු ඇත අඩංගුවට ගන්න එකට වඩා ගැටුම් ඇතිවීම් වැළැක්වෙන විදිහට වැඩ කරන්න ඕනේ. පලවෙනි කාරණේ නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒකට හේතුව සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැති වුනාට ඔවුන්ව එතනට පොළොඹවනන පුළුවන් නිසා. අපේ සිංහලයෝ එකපාරට ආවේගශීලි වෙලා පස්සේ පසුතැවෙන ජා
Reply : 0 0
Kumar Friday, 24 May 2019 12:18 AM
ශල්‍යකර්මයකින් දරුවෙක් එපදීමෙන් ස්ත්‍රියකට දරුවෝ ලැබීම නතරවන එක බොරුකතාවක්. මම ඉන්න රටේ අපි අදුනන කෙනෙකුට සිසේරියන් ක්‍රමයට උපන් දරුවෝ 7 දෙනක් ඉන්නවා. ඒ විතර නොවේ ලකාවේ අපි හොදින් අදුනන නොනකෙනේක්ගේ දරුවෝ තිදෙනාම ඉපිද ඇත්තේ එම ක්‍රමයටයි. අපට මුලින්ම දන්වුවේ බෙහෙත් ගැල්වූ ඇදුම් මාර්ගයෙන් ගබ්සා කරනවා කියල. එවනිදෙයක් ලංකාවේ නිෂ්පාදනය කරනවා ඇති මේ රටේ නම් නෑ. කුලියපිට්යේ පස්ට කර්මාන්ත ශාලාව එම බෙහෙත් හදන කොම්පනියක්ද. මම වයඹ පළාතේ රැකියාව කරන කලේ ගබ්සා කිරීමට මැලේරිය පෙති පාවිචිය ගැන අහල තිබෙනවා. ලංකාවේ 1881 එක වසරේ සිට කල සන්ගනයන් අනුව ජන අනුපාත වෙනස්වී නැත. අන්තිමට කල 2011 සංගණනයේ සිංහල අය මිලියන 15 වැඩි ප්‍රමාණයක් ඉන්න අතර ඉස්ලම බක්තියන් ඉන්නේ මිලිය 2 කට අඩු ප්රමාණයකි. ඔය බොරු ප්‍රචාර විශ්වාස කරන්නේ නුගත් අය වෙන්න ඕනෙ. සිසේරියන් සැත්කම නිසා දහස් ගණන් ජීවිත් බේරගන්න හැකිවී තිබෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

