සිංහල බෞද්ධ පදනම නැතිවීම ගැන අවධානය යොමුකරනවා- රනිල්
එක්සත් ජාතික පක්ෂයට සිංහල බෞද්ධ පදනම අහිමි වීම පිළිබඳව අවධානය යොමුකරන බවත් මින් පෙර එවැනි දෙයක් සිදු නොවූ බවත් හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයෙ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“අපේ අවධානය යොමුවන්න ඕන අපේ පක්ෂයට සිංහල බෞද්ධ ඡන්ද පදනම නැතිවුණ එක. මීට කලින් ඒක වෙලා නෑ.
ඒ ගැන විශේෂයෙන් අපි හොයලා බැලිය යුතුයි. ඒ හරහා අනාගත තීරණ ගන්නවා වගේම විග්‍රහයක් කරන්නත් ඕන.
විග්‍රහයක් කරලා තමයි ඉදිරියට යන්න ඕන. අපි මේ පිළිබඳව ඇඟිලි දික්කර චෝදනා කර ගැනීම සාර්ථක වෙන්නේ නෑ”

popular news
-
හේරත් Friday, 22 November 2019 01:29 PM
ඉතා හොඳ අදහසක්! බුදු දහම දේශපාලනයෙන් වෙන්කරන්න. හාමුදුරුවන්ට ක්‍රියාකාරී දේශපාලනයට ඒමට තිබෙන අවස්ථා නැති කරන්න! පංසල්වලින් දැනට ප්‍රචාරය කරන මිත්‍යවෙන් සහ අබෞද්ධ ආමිස චාරිත්‍රවලින් ඈත් කර බුදු දහමේ සැබැ අරුථ සිංහල-බෞද්ධයින්ට තේරුම් කර දෙන්න.
Reply : 0 10
Champa Friday, 22 November 2019 02:35 PM
ඉස්සෙල්ලම මංගලවයි රන්ජන්වයි අයින් කරන්න තියෙන්නේ. හිතාමතාම බුදුදහමට මහා සංඝරත්නයට අවමන් නින්දා අපහාස කලා. චන්ද කඩන්නම කලාද කියල බලන්න වටිනවා. අනිත් කාරණාව Federal ව්‍යවස්ථාව. තව ගොඩක් තියෙනවා ගුරුකන්ද සහ පොතුවිල්මුහුදු මහා විහාර, තව පන්සලේ පින්පෙට්ටියටත් ඇත තැබීම, හාමුදුරුවරු හිරේ දැමීම. තව ගොඩක් තියෙනවා ලබන ආත්මෙවත් ගොඩ එන්න බලන්න නේද? .
Reply : 0 0
Hemantha Friday, 22 November 2019 02:59 PM
අමුතුවෙන් හේතු හොයන්න අවශ්‍ය නැහැ. ඔබතුමා කොතරම් හොද බෞද්දයෙක් වුනත්, ජනතාව හිතන්නේ වෙනස් විදියට. කරුණාකරලා නායකත්වය වෙනස් කරන්න. අනික දැන් පරදී පරදී හිටිය ඇතිනේ.
Reply : 0 0
samson de silva Saturday, 23 November 2019 12:01 PM
UNP එකට සිංහල බෞද්ධ ජනතාව ආකර්ෂණය කරගන්න ඉතා පහසු ක්‍රමයක් කියන්නද? රනිල් වහාම UNP එකෙන් ඉවත්වන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

