සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම යටතේ මෙරටට තීරු බදු රහිතව කසළ ආනයනය කිරීමට ඉඩ ලබාදී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (03දා) පැවසීය.
කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් පෙන්වා තාක්ෂණික අපද්‍රව්‍ය, මල අපද්‍රව්‍ය, රෝහල් රසායනික අපද්‍රව්‍ය, බැරලෝහ, විකිරණ අපද්‍රව්‍ය ගෙන්වීම සඳහා ඕනෑම විදේශීය සමාගමකට අවසර ලැබෙන පරිදි මෙම වෙළෙඳ ගිවිසුමේ වගන්ති කිහිපයක් ඇතුළත් කර තිබෙන බවද ඒ මහතා කීය.
ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාවේ තිබෙන කසළ ප්‍රමාණය මෙන් 40 ගුණයක කසළ මෙරටට ආනයනය කර පුත්තලමට ගෙන යෑම සඳහා ව්‍යපාරිකයෙකුට අවසර ලබාදී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
