සැප්තැම්බරයේ ඉන්ධන ආනයන වියදම අඩුවෙලා
මෙරට ඉන්ධන ආනයනය වියදම මෙම වර්ෂයේ (2026) සැප්තැම්බර් මාසයේ දි ඇමරිකානු ඩොලර් මිලියන 415.1 දක්වා සියයට 5.8කින් අඩුවි ඇති බැව් ශ්රිලංකා මහබැංකුව පවසයි.
ඉකුත් වර්ෂයේ (2025) සැප්තැම්බර් මාසයේ මෙරට ඉන්ධන ආනයනය වියදම ඇමරිකානු ඩොලර් මිලියන 440.7කි.ඒ අනුව ඉකුත් වර්ෂයේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ මෙරට ඉන්ධන ආනයන වියදම සියයට 5.8කින් අඩුවි ඇත. මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දි බොරතෙල්ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 57.6 දක්වා සියයට 44.5කින් සහ පිරිපහදුකළ ඛනිජතෙල් ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 321.9 දක්වා සියයට 1.0කින් අඩුවි ඇති බවද මහ බැංකු වාර්තාවේ සදහන් වේ.
කෙසේවුවද මෙම වර්ෂයේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා මාස නමයක කාලය තුලදි ඉන්ධන ආනයන වියදම ඉකුත් වර්ෂයේ (2025) මෙම කාලසිමාවට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 4,487.2 දක්වා සියයට 51.5කින් වැඩිවි ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ. ඉකුත් වර්ෂයේ මෙම කාලසිමාව තුලදි ඉන්ධන ආනයන වියදම ඇමරිකානු ඩොලර්මිලියන 2,961.3කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
