සැප්.14 ඉතාලියේ සියලු පාසල් විවෘත කිරිමට පියවර
කොවිඩ් 19 වසංගත තත්ත්වය කුමන ආකාරයෙන් පැවතියත් ආරක්ෂිත ක්‍රමවේදයන් සමග 2020/2021 ඉතාලියේ නව පාසැල් වාරය සැප්තැම්බර් මස (14) දා ආරම්භ කෙරෙන බව ඉතාලි අධ්‍යාපන ඇමතිනි ලුසියා අස්සොලිනා මහත්මිය පවසා සිටියාය.
පන්ති කාමර හා පාසැල් ආරක්ෂිත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඉදිරි මාස දෙක තුල සෞඛ්‍ය අංශ සමග එකාබද්ධව සැලසුමක් ක්‍රියාත්මක කිරිමට නියමිත බවද ඇමතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.
ඊයේ (28) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 246,488 ක් වාර්තා වන බවත් සමස්ත කොවිඩ් මරණ 35,123 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (28) දිනයේදි නව කොවිඩ් 19 ආසාදිතයන් 212 ක් ආසාදිත මරණ 11 ක් වාර්තා වි තිබේ.
චන්දන ප්‍රනාන්දු

.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
