සාලිය වැව දැරියගේ අතුරුදන් විම සියල්ලන් මවිතයට පත් කරමින් හෙළිවු දේ
දින පහකට පෙර සාලියවැව නිළබැම්ම ප්‍රදේශයේදි නිවසින් අතුරුදහන් වු දැරිය සොයා මෙහෙයුම් සිදුකල කිසිදු තොරතුරක් සොයා ගැනිමට (3) දින සවස් වනතුරුත් නොහැකි වු බව ඒ පිළබදව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් හා අනිකුත් අංශ පවසයි.
සාලියවැව නිළබැම්ම ඔළුමඩු ප්‍රදේශයේ දි පසුගිය 30 දින උදෑසන වයස අවුරුදු හතරයි මාස හයක් පමණ වු ඩබ්ලියු . ජී . තෙනුරි තිසාරා නැමති මෙම දැරිය ඇගේ නිවසේ සිටියදි අතුරුදහන් වු බව මව 30 දින සාලියවැව පොලීසියට ප්‍රකාශයක් ලබා දි තිබුණි .
ඒ අනුව සාලියවැව පොලීසිය හා සිවිල් ආරක්ෂක භටයින් 50 කට ආසන්න ප්‍රමාණයක් සමග අවට ගම්මාන වල ජනතාව ඇතුළු 100 කට ආසන්න පිරිසක් එක්වි දැරිය අතුරුදහන් වු පළමු දින සවස සිට මධ්‍යම රාත්‍රි වන තුරුත් පළමු මෙහෙයුම ආරම්භ කර තිබු අතර දැරියගේ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වි තිබුණි.
පසුවදැරියගේ මව සහ දැරියගේ මිත්තනිය විසින් දැරිය සොයා දෙන ලෙසට අවට පිහිටි දේවාල වෙත යමින් දැරිය සොයා ගැනිමට දෙවියන්ගෙන් වරම් ඉල්ලා තිබු ආකාරයත් දැක ගත හැකි විණි .
නමුත් දැරියගේ මව සහ මිත්තිනිය කිසියම් සිද්ධියක් වසන් කිරීමට මෙම දේවාල සිද්ධිය පෙන්වන බවට දැරිය සොයා මෙහෙයුම් වලට එක්වු ජනතාව චෝදනා එල්ල කිරීමත් සමග උණුසුම් තත්වයක් මතුව තිබුණි.
31 දිනම සවස හලාවත කොඨඨාසයේ පොලිස් නිල සුනඛ එකකයේ සුනඛයින් යොදා ගනිමින් සොදිසි කිරිම් වලට එක්කර තිබුනී. එහිදි පොලිස් නිල සුනඛයා විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළට දිව යාමත් සමග පරික්ෂණ වෙනත් අතකට යොමුව තිබුණි.
ඒ සමගම දැරිය සොයා සිදුකල මෙහෙයුම් කිසිදු ප්‍රතිපලයක් නොවිම නිසා ගම්වාසින් දැරියගේ මවට සහ මිත්තනිය හා මිත්තනියගේ දෙවන සැමියාට දැඩි ලෙස චෝදනා එල්ල කරමින් පවසා සිටියේ දැරියගේ අතුරුදහන් විමට මෙම පිරිස සම්බන්ධයක් ඇති බවයි .
මේ හේතු නිසා දැරියගේ අතුරුදහන් විම සම්බන්ධව ගම්වාසින් සහ අවට පිරිස් මෙම අතුරුදහන් විමට එල්ල කරන චෝදනා දිනෙන් දින වැඩි වි තිබේ .
දැරිය අතුරුදහන් වි තුන්වන දිනයේ දි කල්පිටිය විජය නාවික කදවුරේ කිමිදුම් කරුවන් යොදා ගනිමින් දැරිය පදිංචිව සිටි නිවසේ සිට මිටර් 300 කට ආසන්න දුරකින් වු කළාඔයේ කිමිදි දැරිය ගේ සිරුර කළාඔයේ තිබේ දැයි සොයා කිමිදුම් කටයුතු වල නිරතවි තිබුණි.
ඒ සමගම නැවත දැරිය අතුරුදහන් වු සිව් වන දිනය වු පෙබරවාරි 2 දින යලි පොලිස් විශේෂ කාර්ය බලකාය පුත්තලම පොලිස් කොඨඨාශයේ පොලිස්ථාන වල පොලිස් නිළධාරින් ඇතුළු නිළධාරින් 70 කට ආසන්න කන්ඩායමක් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කිලෝමිටර් 20 කට ආසන්න දුරක් ගෙවා ගමන් කරමින් මහ වනයේ දැරිය සිටි දැයි සොයා සෝදිසි මෙහෙයුම් අරඹා තිබුනද එහිදිද කිසිදු තොරතුරක් සොයා ගැනිමට නොහැකි වු බව කියයි.
දැනට පොලිස් ආරක්ෂාව පතා සාලියවැව පොලිසියට පැමිණ ඇති දැරියගෙ මවගෙන් කල ප්‍රශ්න කිරීම් වලදි ඇය පාපොච්චාරණය කර ඇත්තේ තම දැරිය පහර දි මරා කළාඔයට දැමු බවයි .
ඒ අනුව අදාල දැරියගේ මව 2 දින සවස දැරිය මරා කළාඔයට දැමු ස්ථානයට රැගෙනවිත් අදාල ස්ථාන ය පිළිබදව පරික්ෂණ නැවත අරඹා තිබුණි.
කෙසේ නමුත් දැරිය අතුරුදහන් වු පස්වන දින වු ( පෙබරවාරි 3 දින) දැරියගේ මව විසින් සිදුකල පාපොච්චාරණයට අනුව නැවත කල්පිටිය විජය නාවික කදවුරේ කිමිදුම් කරුවන් කැදවා අදාල ස්ථාන වල නැවත කිමිදි දැරිය සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබුනද කිසිදු තෙරතුරක් සොයා ගැනිමට නොහැකි වි තිබුනී. ඒ සමගම නාවික කිමිදුම් කරුවන් කළඔයේ ඉහල කොටසක කිමිදුම්වල යෙදි සෝදිසි කිරිම් වලද නිරත වි තිබුණි.

popular news
-
Champa Sunday, 03 February 2019 07:07 PM
අයියෝ... ඔය එලි වෙන්නේ. මාත් දැක්ක news වල මේ අම්මගේ විකාරේ කපුවෙක් ගැන කියා කියා කරපු. ගම්මුන්ගේ සැකේ සාධාරණයි. ඕනේ කෙනෙකුට හිතෙනවා දරුවා නැති වෙච්ච අම්මගේ හැසිරීම අස්වාභාවිකයි කියල. මේ දරුවාගේ සීයවත් මරල ආච්චිවයි දෙවෙනි සීයයි හිරේ ඉඳන් ඇප ලැබිල ආව කියලා පත්තරේ තිබුන. ඒ මිනියත් කළා වැවට දැම්මලු. හොයා ගන්න බැරි වෙලා. මේ වගේ මිනීමරුවන්ට ඇප දෙන්න නරකයි. පව් මේ අහිංසක දරුවා. අනේ හරිම හුරු බුහුටි දරුවෙක්නේ. කොහොමද ගහල මරන්න තරම් හිතක් ආවේ? මහා පව්කාරයෝ. තවත් දරුවෙක් ඉන්නවලු නේද? ඒ දරුවව වෙන් කරලා තියන්න මේ මිනීමරුවන්ගෙන්. හුගක් කාන්තාවන් සහ දරුවන් කරදර වලට මරණයට පත් වෙන්නේ තමන්ගේ ලඟම ඥාතීන් අතින්. මේක හරිම ඛේදවාචිකයක්.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
