සාම්පූර්වලින් මි. 130කට අධික හෙරොයින්
ඉලකන්ද ප්‍රදේශයට නුදුරු ලඳු කැලෑවක තිබූ හෙරොයින් මත්කඩු කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් 485ක් ඊයේ (14දා ) සොයා ගැනීමට හැකි වූ බව සාම්පූර් පොලීසිය පවසයි.
මත්කුඩු පාර්සල් 21ක් වශයෙන් කැලෑවේ දමාගොස් තිබූ අතර, මෙම කුඩු තොගය හමුවීමට පෙර දිනයේදී ඊට මීටර් 200ක් නුදුරින් වෙරළ තීරයේ තිබියදී ඒ හා සමාන කුඩු පාර්සල් 21ක් සොයාගත් බවද පොලීසිය පවසයි.
සාම්පූර් පොලීසියට ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම දියත්කළ අතර, රුපියල් මිලියන 66ට ආසන්න වටිනාකමක් ඇති මෙම කුඩු තොගය හා ඊට පෙරදින හමු වූ කුඩු තොගය එකම අයෙකු විසින් ගෙනැවිත් දැමූ බවට පොලීසිය සැකකරයි. මීට සම්බන්ධ පුද්ගලයා සොයා පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මේ වන විට සොයාගෙන ඇති හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 130 ඉක්මවා තිබේ.
මෙම මත්කුඩු මූතුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර අධිකරණ නියෝගයක් ලබාගෙන එහි සාම්පල් වැඩිදුර පරික්ෂණ සඳහා රස පරීක්ෂක දෙපාර්ත්මේන්තුවට යැවීමට නියමිතය.
සාම්පූර් පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ ,උපපොලිස් පරීක්ෂක මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.



ත්‍රිකුණාමලය - චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව
කෝටි 6.6ක හෙරොයින් සාම්පූර් වෙරළේ දමා ගිහින්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

