ස්ථිරවම ජයග්‍රහණය කරන කෙනා ඉදිරිපත් කරනවා
ඉදිරි ජනපතිවරණය සඳහා ස්ථිරවම ජයගන්නා අපේක්ෂකයා ඉදිරිපත් කරන බව හිටපු ජනපති, විපක්ෂායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. අද පෙරවරුවේ බෙල්ලන්විලදී ඔහු මේ බව සඳහන් කළේය.
"කුමන්ත්‍රණ නෑ ආණ්ඩුව පෙරළන්න අපි සූදානමින් ඉන්නේ. අවශ්‍ය ඕනෑම වේලාවක ආණ්ඩුව පෙරළීමේ අයිතිය අපිට තිබෙනවා.
ජනාධිපතිවරණය, පළාත් සභා ඡන්ද විමසීම, පාර්ලිමේන්තු මැතිවරණය මේ තුනම අපි ජයග්‍රහණය කරනවා. මේ ජනතාවට විදවන්න සිදුවෙලා තිබෙනවා. බදු බර එහෙන් ලයිට් ටික නෑ, වතුර ටික නෑ.
මේ ආණ්ඩුව ඒකාධිපතිත්වයකට යමින් ඉන්නේ. මේ සඳහා සියලු දෙනාම, කැබිනට් මණ්ඩලයට වගකියන්න ඕන. අපි ස්ථිරවම ජයග්‍රහණය කරන පුද්ගලයා ඉදිරිපත් කරනවා (ජනපතිවරණයට)"

popular news
-
Dayan Wednesday, 17 April 2019 05:32 PM
ඔව් අනේ. කවදාවත් මීට කලින් ඒකාධිපතියෝ හිටලම නෑ.
Reply : 0 8
chathuri Wednesday, 17 April 2019 05:47 PM
තවත් ලජ්ජා නැහැ ආණ්ඩුව කීපාරක් පෙරලුවද , විශ්වාස බංග කියක් ගේනවද . රැලි කියක් තිබ්බද . ඉවසුව මදිද . ලංකාව වටේ සාම පා ගමන් කියක් ගියද . හරියටම දිනන්න පුළුවන් පාස් පොට් ව දැම්මොත්
Reply : 0 5
Champa Friday, 19 April 2019 07:13 AM
නිකම් ජයග්‍රහණය කරලා හරි යන්නේ නැහැ. අහස පොලොව දෙකම හෙල්ලෙන ගේමක් දෙන්න ඕනේ. වික්‍රමබාහු කියනවා විපක්ෂ නායකතුමා දාන්න හදන්නේ දුටුගැමුණු කෙනෙක්ලු. සිංහලයෝ ඉන්නේ සියයට 70ලු. දිනන්න බැහැලු. බොරුවක්. සියයට 76ක් ඉන්නවා. චම්පික කියනවා ඊළඟ ජනාධිපති දිනන්න 65%ක් 70ක් විතර චන්ද ගන්න ඕනෙලු. ඒ තරම් කාටවත් ගන්න බැරිලු. බැරිද? අභියෝගේ බාර ගමු. හැබැයි ඊළඟ ජනාධිපති පොහොට්ටුවෙන් නෙමෙයි. ඒකත් ස්ථිරයි. දාන්නේ දුටුගැමුණු කෙනෙක්ද මම දන්නේ නැහැ. කවද කියපු එකක්ද දන්නේ නැහැ මම ලඟදි දැක්ක හාමුදුරු කෙනෙක් කියල තියනව මිනිස්සු අවුරුදු 5 කට ඉස්සෙල්ල රාවණා නැගිට්ටුවලු. ඔය කියන්නේ 2015 වෙන්නැති. මම ඒ,කතාව දන්නේ නැහැ. හැබැයි 2015 සිංහලය ඉතාම ආවේගශීලිව නැගිට්ට තමයි. යහපාලන නිර්මාතෘ බම්බු ජනාධිපතියි වහල් ආණ්ඩුවයි හිතුවේ 2015 මාර්තු අප්‍රේල් වෙනකොට චන්දෙ තියල 4/5ක විතර හොර යූඑන්පී ආණ්ඩුවක් හදන්න. හැබැයි පෙබරවාරි නුගේගොඩට ආපු ජනගඟ දැකල බය වුනා. ඒ හින්ද චන්දෙ පරක්කු කලා. 2014 නොහිටපු හුඟක් රට වෙනුවෙන් ඊළඟ චන්දෙට ඉන්නවා. යන්තම් විසිල් දෙකක් ඇති සිංහලයන්ගේ ලේ රත් කරල එක කොඩියක් යටට ගන්න. වෙලාව එනකම් ඉන්නේ දත්මිටි කකා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

