ඇතිවු සිද්ධිය ඉතාමත් සුළු සිරිම් තත්ත්වයක් ඇතිවු සිද්ධියක් බවත් කෙසේ හෝ තම ආරක්ෂක භටයින් බිමට හෝ වෙඩි තැබිමක් සිදු නොකර සිටියා නම් හොඳ බව තමා සිතන බවත් මේ සිද්ධිය සම්බන්ධව තමා දැඩි ලෙස කනගාටු වන බවත් මීට ආදාළව සාධාරණ පරික්ෂණයක් පවත්වන ලෙස පොලීසියෙන් හා ආරක්ෂක අංශ වලින් තමා ඉල්ලා සිටින බව එස් බි දිසානායක මහතා පවසයි.
එස් බි දිසානායක මහතා මෙසේ පැවැසුයේ තම ආරක්ෂක අංශ භටයන් සමග බිමත් පිරිසක් ගමන් ගත් මාර්ගයකදි ඇතිවු සිද්ධිය සම්බන්ධව කිවුල්ලිද පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදි අද (07) පැවැති මාධ්‍ය සාකඡාවකදීය.
"ඊයේ සහ පේරේදා මස්කෙළිය ආසනයේ රැස්විම් 30ක් විතර කරගෙන ආවා. අවසන් රැස්විම් 3 ඊයේ හවස අපි ලක්ෂපාන ප්‍රදේශයේ පොල්පිටිය මාර්ගය ඉතාම දුෂ්කර අබලන් වෙච්ච පටු මාර්ගයක් ඒ මාර්ගයේ වාහන දෙකක් එකිනෙක මාරුවෙන්න පවා බැරි මාර්ගයක් ඒකෙ අපි ගිය වාහන 6 ක් 7 ක් ඒ පාරේ එනකොට තමා මේ සිද්ධිය ඇතිවෙලා තියෙන්නෙ.
මම ආපු වාහනේ ඉතාම ඇතින් ආවේ . මාර්ගයේ දුෂ්කරතාවය නිසා මගේ ආරක්ෂක අංශයේ නිලධාරින් ගමන් කළේ කුලියට ගත්තු වැන් එකක.
මේ ප්රශ්නය ඇතිවෙලා තියෙන්නෙ මංගල උත්සවයකට ගිහින් අධික ලෙස බිමත් පිරිසක් ආ වාහනයක් හා අපේ ආරක්ෂක අංශයේ නිලධාරියෙක් අතර ඒ දුෂ්කර මාර්ගයේ වාහන දෙක මාරු වෙද්දි ඒ වාහන දෙක මාරුවිමේ අපහසුතාවය මත ඒ වැන් රථයේ අධික ලෙස බීමත්ව ආපු පිරිස අපේ ආරක්ෂක භටයන් ගමන් ගත්තු වෑන් රථයට පහර දිලා ආරක්ෂක භටයෙක්ගේ ගිනිඅවිය උදුර ගන්න තැත් කරපු වෙලාවෙ ඔහු බිමට වෙඩි තියල ඇතිවෙච්ච තත්ත්වය පාලනය කරගෙන ඉන්පසු අපි ආපු රැස්විමේදි මගේ ආරක්ෂක භටයන් මා සමග එකතු වුණා කියලයි මට දැනගන්න ලැබුණු තොරතුර.
මම ඊළග රැස්විමට ගිහිල්ල ඉන්න අවස්ථාවේ මේ සිද්ධිය සම්බන්ධව තමා මාව දැනුවත් කළේ. ඒ සිද්ධිය විදිහට මගේ ආරක්ෂක භටයන් විශ්වාස කරල තිබ්බ වෙඩි දෙකෙන් කිසි කෙනෙකුට තුවාලයක් වෙලා කියල අපි ගම්පල පහු කරගෙන පේරාදෙණියට එනකොට අපිට ආරංචිය ආව. එක ළමයෙකුට තුවාල වෙලා ඔහු රෝහල් ගත වෙලා කියල .
මම ඒ අවස්ථාවේදිම ඒ ආරක්ෂක භටයින් තලාතුඔය පොලීසියට යොමු කලා. ඉන්පසු ඊයේ රාත්‍රියේම සිද්ධිය වෙච්ච ප්‍රදේශයේ පොලීසියටත් යොමු කලා මේ සිද්ධිය සම්බන්ධව පොලීසිය පරික්ෂණ කටයුතු ආරම්භ කරල තියෙනව. මේ සිද්ධිය සම්බන්ධව ඉතාමත් අපක්ෂපාතිව පොලීසිය පරික්ෂණ පවත්වයි කියල තමා අපේ බලාපොරෝත්තුව. එය අදාළ ගිනිගත්හේන පොලීසිය විසින් සිදුවෙයි කියා තමා බලාපොරොත්තු වනවා.
මෙම සිද්ධියට ආදාළ පොලිස් නිලධාරිය මේ අවස්ථාවේදිද පොලිස් භාරයේ පසුවන බවත් මට පේන ආකාරයට ඉතාම සුළු සිරිමක් තියෙනව කියල තමයි දැනගන්න ලැබෙන්නෙ. කොහොම උනත් මේ සිද්ධිය ඉතාම කනගාටු දායක සද්ධියක්. අපේ නිලධාරින් බිමට හෝ වෙඩි තැබිමක් සිදු නොකලානම් හොඳයි කියා තමන් විශ්වාස කරන බවත් අපේ ජාතික අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිතිය හා සාමය සම්බන්ධව විශාල සැලකිමක් දක්වන නිසා අපි එතුමාගේ ගෞරවයත් මේ මුළු මැතිවරණ ව්‍යාපාරයේ ගෞරවයත් ආරක්ෂා කිරිමට අපි සියලුදෙනාම බැදි සිටන බවත් මේ සිද්ධිය මගේ පොලිස් නිලධාරින් අතින් සිදුවිම සම්බන්ධව ඉතාමත් කනගාටු වනව"