සහල් මිල සම්බන්ධයෙන් විවිධ පිරිස් අනවබෝධයෙන් චෝදනා කරන බවත් ඒ පිළිබඳව කිසිවෙකුට තමන් චෝදනා නොකරන බවත් අරලිය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
සිය ෆේස් බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි.
"සහල් මිල සම්බන්ධයෙන් අනවබෝධයෙන් යුතුව විවිධ පාර්ශව චෝදනා කළද, මෙම විෂය පථයෙහි ප්‍රායෝගික ගැටලු සහ ව්‍යාපාර පිරිවැයන් සම්බන්ධයෙන් ඔබ වෙත අවබෝධයක් ලබාදීමට මෙය සුදුසුම මොහොත බව මා නොසිතමි.
තවද මේ සම්බන්ධයෙන් කිසිවෙකුට චෝදනා කිරීමට හෝ වත්මන් රජයේ වැඩපිළිවෙළ අපහසුතාවයට පත් කිරීමට හෝ මා කිසිසේත්ම අදහස් නොකරමින්, දේශිය ව්‍යවසායකයෙකු ලෙස මාගේ යුතුකම් කොටස රට වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කරමි.
විශේෂයෙන්ම අද වන තෙක් මාගේ කිසිඳු ආයෝජනයක් මවු රටෙන් පිට සිදු නොකරමින් දේශීය ව්‍යවසායකයෙකු ලෙස තවදුරටත් මා හට කළ හැකි උපරිමය වෙනුවෙන් කාලය යෙදවූයෙමි.
කෝවිඩ් වසංගතය දරුණුවටම පැවති කාලයේ වුවද ම'විසින් නවතම ව්‍යාපාර කිහිපයක් රට වෙනුවෙන් දායද කළ අතර නුවරඑළියේ අරලිය රෙඩ්, උණවටුණේ අරලිය බීච් රිසෝර්ට්ස් ඇන්ඩ් ස්පා, අරලිය ඇම්ට්‍රැඩ්, අරලිය ඇග්‍රො හෝල්ඩිංග්ස්, අරලිය පැකිංග් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන ඒ අතුරින් කැපී පෙණිනි.
තවද මේ හා සමගාමීව මෙහෙයුම් කටයුතු සිදුවූ අනෙක් ව්‍යාපාරද අති නවීන යන්ත්‍ර සූත් සහ උපකරණ යොදා යාවත්කාලීන කළෙමි. එහෙයින්, ලොවක් අකර්මණ්‍ය වුවද රටේ සුභසිද්ධිය හා අභිවෘද්ධිය තකා එම ව්‍යාපාර තුළින් උත්පාදනය කළ නවතම රැකියා ගණන දෙදහසකට ආසන්න විණි. එහෙයින්, ඒ සම්බන්ධයෙන් මට ඇත්තේ මහත් අභිමානයකි.”