ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට කරන ලද සමික්ෂණයන්ට අනුව 60% වඩා ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා එ බැව් කියාසිටියේ අද (07) නාවලපිටිය මහින්දානන්ද පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදිය.
මෙම හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද මන්ත්‍රිවරයා ,
“බුද්ධි අංශ වල තොරතුරු සහ සමික්ෂණ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා 60% වඩා ඉහළ ප්රතිශතයක ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බරපතළ පරාජයකට පත් වෙමින් සිටිනවා. එක්සත් ජාතික පක්ෂය මඩ ප්‍රහාරය සිදු කිරිමට මුදල් වැය කරමින් සිටිනවා. 21 ප්‍රහාරයට මුල් වුණ නායකයා සහරාන්ගේ බිරිඳගෙන් විශේෂ ප්‍රකාශයක් කරලා විඩියෝවක් හදලා 13 වෙනිදා රැට දාන්න සැලසුම් කරලා තියෙනවා. එකෙන් කියන්න උත්සාහ කරනවා සහරාන් ගෝඨාභය රාජපක්ෂ මහතා , මහින්ද රාජපක්ෂ මහතා සමග සම්බන්ධතා තිබුණා කියලා.
හිස්බුල්ලා මහතා කියලා තිබුණා දෙවන මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙනා කියලා. අපිට කිසිදු දෙවන මනාපයක් අවශ්‍ය නැ . ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලිවම කිව්වා 21 ප්‍රහාරයට සම්බන්ධ කිසි කෙනෙකුගේ සහාය මේ මැතිවරණයට අවශ්‍ය නෑ කියනා එක. රාධා ක්‍රිෂ්ණන් අමාත්‍යවරයා කියලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වලු සුළු ජාතින්ගේ සහාය ඕනි නැ කියලා ප්‍රකාශයක් කරා කියලා. එතුමා කිසිදු එවැනි ප්‍රකාශයක් කරලා නැ.
පසුගිය ජනාධිපතිවරණයේ උතුරේ සහ වතුකරයේ සුළු ජාතික ජන්ද මේ රජය බලයට එන්න ලබා දුන්නා. උතුරට දේශපාලන විසඳුම් දුන්නෙත් නැ . වතුකරයේ ජනතාවගේ වැටුප වැඩි කළෙත් නැ. එ නිසා උතුරෙත් වතුකරයෙත් ජනතාවගේ ඡන්දය මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන්න සුදානම් වෙලා සිටින අවස්ථාවක එ ජනතාවගේ මතය වෙනස් කිරිම සදහා තමයි රාධාක්‍රිෂ්ණන් අමාත්‍යවරයා මේ ප්‍රකාශය කරලා තියෙන්නේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරා අටේ එකියභාවයට අහිතකර කිසිදු ගිවිසුමකට අපේ රජයක් යටතේ ඉඩ දෙන්නේ නැ කියලා. එම් සි සි ගිවිසුම ඉතාමත් බරපතළ ගිවිසුමක්. මේක ඉතාමත් අවධානම් තත්ත්වයක්. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ , ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ කාලයේ , අපි මේ රටේ එකියභාවට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කරලා නැ.
ගිනිගත්හේන ප්‍රදේශයේ සිදුවු සිදුවිම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා නිතියේ අධිපත්‍ය ගැන කතා කරනවා. එ නිසා එතුමාගේ මැතිවරණයට නායකත්වය දෙන සෑම නායකයෙක්ම සැලකිලිමත් වෙන්න ඕනි. මොකද එතුමාගේ වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන්නෙ. එහෙම නැත්නම් එ අයට මැතිවරණ ව්‍යාපාරයේ ඉන්න අමාරුයි. මේ සිද්ධිය ගෝඨාභය රාජපක්ෂ මහතාට අරංචි වෙලා තියෙනවා. එම සිද්ධිය සිදු වුණ ගමන්ම එම ආරක්ෂක නිලධාරින්ට එ වෙලාවෙම අධිකරණය ඉදිරිපත් කරලා තියෙනවා. නීතිය එ වෙලාවෙම එතුමා ඉදිරිපත් කරලා තියෙනවා.
මේ වෙනකොට පොලිසිය ඒ පිළිබඳව පරික්ෂණ පවත්වගෙන යනවා. අමාත්‍යවරයාගෙත් මේ සිද්ධියට සම්බන්ධයක් තිබෙනවානම් ඒ පිළිබඳව පක්ෂය දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. උතුරේ ජනතාව තිරණය කරලා ඉවරයි මේ මැතිවරණය වර්ජනය කරන්න ඕනි කියලා. හැබැයි ටි එන් ඒ පක්ෂය විතරක් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙන්න සුදානම් වෙලා ඉන්නවා.
මේ තින්දුව ගැන උතුරේ මහඇමතිවරයා කියන්නේ මොකක්ද? ටි එන් ඒ එක මුදල් අරගෙන එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දුන්නා කියලා. එකට මිනිස්සු දුන් ප්‍රතිචාරය මොකක්ද? සෙරප්පුවකින් ගැහුවා සම්බන්ධන් මහතාගේ වාහනයට. පසුගියදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරුකිමේ සමුළුවක් පවත්වනවා අත ලකුණ දලා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කවදාවත් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දුන්නේ නැ. එදා එ සමුළුවට වැඩිපුරම ආවේ කවුද රාජිත සේනාරත්න කළුතරින් එවපු පිරිස. කවුද මේකට සහභාගි වුණේ ජන්ද පහක්වත් ගන්න බැරි අතාවුද සෙනවිරත්න මහතා. මේ අයගේ සංවිධායක ධුර දැන් නෑ” යනුවෙන් පැවසිය.