මුන්දලම මදුරන්කුලිය පිහිටි අසාර් නගර් මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්යක්ෂ බව කියන තැනැත්තාගෙන් අද ( 8 ) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනිම සිදුව ඇති බව පැවසේ.
කුඩා දරුවන්ට ගිනිඅවි පුහුණුව ඇතුළු ත්‍රස්ත කටයුතු වල යෙදවිමේ චෝදනා එල්ල වි ඇති මෙම රාජ්‍ය නොවන සංවිධානය පිහිටි මදුරන්කුලිය අසාර් නගර් අරාබි ආගමික ස්ථානයට අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙයවු සහරාන් හසිම් හා තඹ ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ඉබ්‍රහිම් ගේ පුතුන් දෙදෙනා අන්තවාදි දේශන පැවැත්විම සදහා සහභාගිවි වි ඇති බවට පසුගිය සතිඅන්තයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සනාථ කර ගෙන තිබුනී.
ඒ සම්බන්ධව කල්පිටිය නගරයේදි හතරවන හරස් විදියේ පදිංචි කරුවකුද පසුගිය 3 දින අත් අඩංගුවට ගෙන තිබුනී.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත් අඩංගුවට ගත් මෙම සැකකරු ගෙන් කල ප්‍රශ්න කිරිම් වලදි මෙම මදුරන්කුලිය ආරබි ආගමික මධ්‍යස්ථානය තුළදි සහරාන් හසිම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරය මෙහෙය වු ත්‍රස්තයින් සහභාගිවි දේශන පැවැත්වු බව සනාථ කර තිබුනී.
මෙම සැකකරුගෙන් ලද ප්‍රශ්න කිරිම් අනුව මේ වන විට තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
කෙසේ නමුත් අදාල සිදුවිම් වලට අද 8 දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ සටහන් කර ගත් මෙම මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂකද සම්පුර්ණ සහාය දක්වා තිබේද යන්න මෙම ප්‍රකාශ සටහන් කර ගැනිමට හේතු වි ඇති බව වාර්තා වෙයි .
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රශ්න කිරිමට පැමින තිබුණි.
ඒ සමගම අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ උපදෙස් මත අදාල අන්තවාදි දේශන පැවැත්වු අසාර් නගර් ආගමික මධ්‍යස්ථාන භූමියේ ගොඩනැගිල්ලකට පසුගිය 4 දින සිට විශේෂ පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ .