දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් -19 වෛරසය ශරීරගතව ඇති බවට තහවුරු වීම සම්බන්ධයෙන් වැඩිදුරට පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව එම සිංහයාට ආසාදනය වී ඇත්තේ මනුෂ්‍යයින්ට ආසාදනය වූ කොවිඩ් වෛරස ප්‍රභේදයක් ද යන්න පිළිබඳ තහවුරු කරගත යුතු ඇති බවද අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
එසේම සිංහයාගේ ශරීරයට වෛරසය ඇතුළු වූ ආකාරය සහ සත්වෝද්‍යානය සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ද මේවනවිට පරීක්ෂණ සිදු කරමින් පවතින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.