කොවිඩ් 19 පාලනය කිරීම සඳහා ජනතාව සෞඛ්‍ය අංශවෙත හා රජයට අවශ්‍ය සහාය ලබාදෙන්නේ නම් එය පාලනය කර ඉක්මනින්ම නව සාමාන්‍ය තත්ත්වයට යෑමට හැකි බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසීය.
කොවිඩ් පැතිරිම වැළැක්වීමේ ජාතක මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ශ්‍රී ලංකාවේ සමාජයෙන් කොවිඩ් රෝගියෙක් වාර්තා වන්නේ මාස දෙකකට පමණ පසුයි. මේ අවස්ථාවේදී අප කළ යුතු වන්නේ ඇයගේ ආශ්‍රිතයින්, ඇයට නිරාවරණය වූ අය හඳුනාගෙන නිරෝධානය කිරීමට කටයුතු කිරීමයි.
ඔවුන්ව පී.සී.ආර්. පරික්ෂණයට ලක්කරනවා. ඉන් අනතුරුව ඊළඟ පෙලේ සිටින කොවිඩ් ආසාදිතයන් හඳුනාගෙන ඔවුන්ව පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කනරවා. ඒ වගේම ඒ ප්‍ර දේහයේ අවශ්‍ය ස්ථානවල පී.සී.ආර්. පරීක්ෂණ ඉදිරියේදි සිදුකරනවා.
අපි සටන් කරන්නේ වෛරසයක් සමග. ඕනෑම අවස්ථාවක අපේ පාලනයෙන් මිදි ගිලිහි සමාජයේ කොතනක හරි ස්ථාන ගත වෙන්න පුළුවන්. අපි දිගින් දිගටම මේ ගැන අවධාරණය කළා.
අනවශ්‍ය ලෙස සමාජයට පැමිණිමෙන් වළකින්න. සමාජයට එන අවස්ථාවේදී සමාජ දුරස්ථ භාවය පවත්වාගෙන යෑම, මුඛ ආවරණ පැළදීම, දිගින් දිගටම අත් සේදීම කළ යුතුයි.
අපට සහාය දුන්නොත් රජයට හා සෞඛ්‍ය අංශවලට අපිට පුළුවන් වෙනවා මේ කොවිඩ් 19 රෝගය කොතනකින් මතු වුණත් එය පාලනය කරගෙන නව සාමාන්‍ය තත්ත්වයට යන්න”