සහජීවනයට මුවාවී ත්රස්තවාදීන්ට කප්පම්දී නැවතත් රටේ සාමය නැති කිරීමට කටයුතු නොකරන ලෙසත් ආරක්ෂක ප්‍රධානීන් දඬුකඳේ ගසමින් රජයේ බුදධි අංශ අඩපණ කරමින් ගෙනයන සහජීවනය හමුවේ ත්රස්වාදය රට තුළ හිස ඔසවා ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් සොයිසා මහතා පවසයි.
ඇඹිලිපිටිය නගරයේ පැවති මාධ්‍ය හමුවකදී අද (24දා) ඔහු මේ බව පැවසීය.
“තිස් අවුරුද්දක් පුරා පැවති යුද්ධය පරාජය කර එල්.ටී.ටී.ඊ. සංවිධානය ජාතික වශයෙන් පරාද කළත් ජාත්‍යන්තර වශයෙන් නැගී සිටින්නට පුළුවන් බවට ඒකාබද්ධ විපක්ෂය රජයට කරුණු දක්වන විට එය අවඥාවෙන් යුතුව බැහැර කළ රජයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මුලතිව්වලින් ක්ලේමෝ බෝම්බ, එල්.ටී.ටී.ඊ. ඇ`දුම් හමුවීමේ සිද්ධිය දන්නේ නෑ කියලා මාධ්‍යවේදීන් හමුවේ කියනවා.
නමුත් ප්‍රදේශයේ පොලීසිය කියනවා භයානක යුද උපකරණ සමග දෙන්නෙක් ඇල්ලුවා කියලා. මේ සිද්ධි තුළින් උතුරේ එල්.ටී.ටී.ඊ. නමින් නොවුනත් වෙනත් නමකින් හෝ භයානක අපරාධ ත්‍රස්ත කල්ලියක් බිහිවෙමින් පවතිනවා කියන එක අපි රජයට කියනවා.
නඩු පවරලා සිටි ත්රස්වාදීන්ගේ නඩු ඉල්ලා අස්කර ගැනීමත්, ආරක්ෂ අංශ ප්‍රබලයන් සම්බන්ධයෙන් ගත්ත අහිතකර ක්‍රියාවන් නිසාත් මේ තත්ත්වය වර්ධනය වුණා කියලා අපි කියනවා. බුද්ධි අංශ අඩපණයි. බුද්ධි අංශ නිලධාරීන් සියල්ල හිරගෙවල්වල. ආරක්ෂක අංශ ප්‍රධානීන් දඬුකඳේ ගහලා. ඒ තත්ත්වය තුළ එල්.ටී.ටී.ඊ හිතවාදීන් බඩපිණුම් ගහනවා “ යැයි පැවසීය.

අජිත්ලාල් ශාන්තඋදය / කොලොන්නේ ජේ. නානායක්කාර