හාලිඇල , ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසලක ඉගෙනුම ලබන බාල වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 10 දෙනෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ එම පාසැලේම ගුරුවරයා අද (28) බදුල්ල පොලීසියට භාරවූ බව බදුල්ල පොලීසිය පවසයි.
අපයෝජනයට ලක්වූ මෙම සිසුන් වයස අවුරුදු 15 සහ 16 යන වයස් කාණ්ඩවලට අයත් වූ ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 5 දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනය ලක් කලැයි මුලදි පැමිණිලි ලැබී තිබූ අතර අද (28) වන විට එම පැමිණිලි සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇතැයි බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා පැවසීය .
(44 ) හැවිරිදි සැකකරු හෙට (29) දා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ වනිගසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලීසිය විමර්ශන සිදුකරයි .