ස්වීඩනයේ මහජන සෞඛ්‍ය ඒජන්සිය ආරක්ෂිත පියවරක් ලෙස ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිත කර කොවිඩ්-19 ට එරෙහිව එන්නත් කිරීම ඊයේ (16දා) තාවකාලිකව අත්හිටුවා තිබේ.
ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය පෙරේදා (15දා) ප්‍රකාශ කළේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීම අත්හිටුවන බවයි. ඒ අනුව යුරෝපා රාජ්‍යයන් 16ක පමණ සම්පූර්ණ එන්නත් තොගය හෝ එහි තෝරාගත් කාණ්ඩ එන්නත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
මේ අතර, ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (16දා) නිවේදනය කළේ ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීම ප්‍රමාද කරන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය එහි භාවිතය පිළිබඳව තවමත් ආරක්ෂක සමාලෝචනයක් පවත්වමින් සිටින නිසා මෙම පියවර ගත් බව ඉන්දුනීසියාව පවසිය.
එන්නත ලබාගත් හුදකලා සිද්ධීන් කිහිපයක රුධිර කැටි ගැසීම් වර්ධනයක් සිදුවන බවට වාර්තා වීමෙන් පසුව විශේෂයෙන්ම යුරෝපා රටවල් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා භාවිතය අත්හිටුවා ඇත.