ස්වීඩනයේ ඔටුන්න හිමි වික්ටෝරියා කුමරිය සහ ඇගේ සහකරු වන ඩැනියෙල් කුමරු කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව ස්වීඩන් මාධ්‍ය වර්තා කරයි.
උණ රෝග ලක්ෂණ හේතුවෙන් රාජකීය යුවළ පසුගිය බදාදා දිනයේ හුදෙකලා වූ බව රාජකීය ප්‍රකාශකයෙකු වූ මාගරෙටා තෝර්ග්රන් පැවසීය.
ඔවුන් දෙදෙනාම දැනට මෘදු උණ වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන නමුත්, මේ වනවිට ඔවුන්ගේ තත්ත්වය හොඳ හැඟීමක් ඇති කරන මට්ටමක පවතින බව තෝර්ග්රන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
මෙම යුවළගේ දරුවන් වන එස්ටෙල් කුමරිය සහ ඔස්කාර් කුමරුද නිවසේදී නිරෝධායනය කර තිබේ.