ස්විට්සර්ලන්ත ජනතාව, එරට මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා හෝ නිකාබ් ඇතුළු හිස් ආවරණ ප්‍රසිද්ධියේ පැලඳීම තහනම් කිරීමට ජනමතවිචරණයකින් තීරණය කර තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති ජනමත විචාරණයේ නිල ප්‍රතිඵලය 48.8% ට 51.2% වශයෙන් එයට පක්ෂව වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිව ඇත.
මේ පිළිබඳ යෝජනාව ගෙන ආ දක්ෂිණාංශික SVP පක්ෂය හෙවත්, ස්විස් ජනතා පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය තුළ අන්තවාදය නවත්වනු වැනි සටන් පාඨ ඉදිරිපත් කරමින් ගෙනගිය ප්‍රචාරණ ව්‍යාපාරයේ ජයග්‍රහණයක් ලෙස ඔවුන් මෙය හඳුන්වයි.
ස්විට්සර්ලන්ත ජනමත විචාරණයකට ඉස්ලාම් සම්බන්ධ වූ පළමු වැනි අවස්ථාව නොවේ. 2009 දී ආණ්ඩුවේ උපදෙස්වලට එරෙහිව ගිය ස්විට්සර්ලන්ත වැසියෝ මුස්ලිම් දේවස්ථානවල කුලුණු ඉදිකිරීම තහනම් කිරීමට ඡන්දය භාවිත කළහ. SVP පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවකින් කියැවුණේ අදාළ කුලුණු ඉස්ලාමීයකරණය පිළිබඳ ලකුණක් වන බවකි.