හබරාදුව නගරයේ වෙළඳසැලක් තුළදී එම වෙළඳසලේ සේවිකාවකට යුද හමුදා සෙබලෙකු විසින් අද (10) දහවල් පිහියෙන් ඇන ඇතැයි හබරාදුව පොලීසිය පවසයි.
තුවාල ලැබූ තරුණිය කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලබා ඇත්තේ අහංගම කතලුව පදිංචි 17 හැවිරිදි තරුණියකි.
ඇය හබරාදුව නගරයේ රෙදිපිළි වෙළඳසලක සේවය කරන අතර මෙයට වසර එකහමාරකට පමණ පෙර නෙළුව මණ්ඩලපුර ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇති බවත් පසුව ඇය වෙනත් තරුණයකු සමඟ සම්බන්ධයක් ඇතිකර ගැනීමෙන් කෝපයට පත් හමුදා සෙබලා මෙසේ පිහියෙන් ඇන ඇති බවත් පොලීසිය පවසයි.
සැකකරු බම්බලපිටිය යුද හමුදා කඳවුරේ සේවය කරන අයෙකු වන අතර ඔහු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
තුවාලකාරියගේ තත්ත්වය බරපතළ නොවන බව කරාපිටිය රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
හබරාදුව පොලසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.