මෙතෙක් හදිසි අනතුරු සහ අනෙකුත් කායික රෝගී තත්ත්වයන්හිදී රෝගීන් රෝහල්ගත කිරීම සඳහා යොදාගැනුණු '1990-සුවසැරිය' ගිලන්රථ සේවාව, මානසික රෝගවලින් පෙළෙන්නන් හදිසියේ රෝහල්ගත කිරීම සඳහාද යොදාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඒ අනුව මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ සුවසැරිය කාර්යමණ්ඩල මෙම වැඩසටහන වෙනුවෙන් පුහුණු කිරීම අරඹා ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් 'අද' වෙත අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා ප්‍රකාශ කර සිටියේ වඩාත් නිවැරදි ප්‍රතිකාර කඩිනමින් රෝගියාට ලබාදීමට හැකිවීම හා රෝගියාගේ ඥාතීන්ට හෝ භාරකරුවන්ට විශාල පහසුවක් සැලසීම මෙම නව ක්‍රමයෙන් බලාපොරොත්තු වන බවයි.
එසේම මානසික රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම හා රෝගීන් ප්‍රවාහනය සම්බන්ධව විශේෂිත ආචාරධර්ම පද්ධතියක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බැවින් රෝහල් බලධාරීන් හා මනෝ වෛද්‍ය විශේෂඥවරුන් සමග මේ පිළිබඳ සාකච්ජා කොට එකඟතාව ලබාගෙන ඇති බවද අතිරේක ලේකම්වරයා පැවසීය.
වැඩපිළිවෙළ අදියර වශයෙන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.