2015 ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රුපියල් මිලියන 600ක් වැය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන්ට දඩුවම් නියම කිරීමට එරෙහිව ඉදිරිපත් කොට ඇති අභියාචනය සම්බන්ධයෙන් පිළිතුරු දේශණ ලබන 24 සහ 30 දෙදින සිදු කිරීමට අභියාචනාධිකරණය අද 16 දින නියම කළේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් දින 06 ක කාලයක් පුරා නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ දේශණය අවසානයේදී විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රතිපාදන වලට පටහැනි අකාරයට කටයුතු කොට රුපියල් කෝටි 60 ක මුදලක් වැය කරමින් පසුගිය ඡනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බෙදා දීමේ චෝදනාවන්ට වරදකරුවන් කරමින් හිටපු ඡනාධිපති ලේකම්වරයාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට දඩුවම් නියම කරමින් කොළඹ මහාධිකරණයෙන් ලබාදුන් නියෝගය ඉවත දමන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති අභියාචනා පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී එලෙස නියම කෙරිණි.
මෙම අභියාචන පෙත්සම් කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (16) සලකා බැලිණි.
විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රතිපාදන වලට පටහැනි අකාරයට කටයුතු කොට රුපියල් කෝටි 60 ක මුදලක් වැය කරමින් පසුගිය ඡනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බෙදා දීමේ චෝදනාවන්ට වරදකරුවන් කරමින් හිටපු ඡනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනාරාල් අනුෂ පැල්පිට මහත්වරුන්ට වසර 03 බැගින් සිරදඩුවම්, රුපියල් ලක්ෂ 20 බැගින් දඩ සහ රුපියල් ලක්ෂ 50 බැගින් වන්දි නියම කරමින් කොළඹ මහාධිකරණයෙන් ලබාදුන් නියෝගය ඉවත දමා තමන් දෙදෙනා නිදහස් කරන්නැයි ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට මහත්වරුන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කොට ඇත.
හිටපු ඡනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනාරාල් අනුෂ පැල්පිට මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතීපතිවරයා නම් කොට ඇත.
විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රතිපාදන වලට පටහැනි අකාරයට කටයුතු කොට රුපියල් කෝටි 60 ක මුදලක් වැය කරමින් පසුගිය ඡනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බෙදා දීමේ චෝදනාවන්ට වරදකරුවන් වු හිටපු ඡනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනාරාල් අනුෂ පැල්පිට මහත්වරුන්ට වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔවුන්ට අදාළ දඩුවම් නියම කෙරිණි.