වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් ලෙස වැඩිකරන ලෙස ඉල්ලා මාතලේ සැලගම වත්තේ සේවකයින් මාතලේ සැලගම මාර්ගයේ සැලගම වත්ත අසලදී විරෝධතාවක නිරතවුහ.
මෙම අවස්ථාවට එම වත්තේ සේවය කරනු ලබන සේවකයින් රැසක් එක්වු අතර එම සේවකයින් ප්‍රකාශ කර සිටියේ වැඩිවන බඩු මිල හමුවේ තමන්ට ලැබෙන දෛනික වැටුප ජිවත්විමට ප්‍රමාණවත් නොවිම හේතුවෙන් තම වැටුප වැඩි කරන ලෙස රජයට බලකරමින් මෙම විරෝධතාව පවත්වන බවයි.
මාතලේ - රවීන්ද්‍ර අබයසිරි