සූරියවැව අපරාධ අංශයේ ස්ථානාධිපති යතුරුපැදි අනතුරෙන් මරුට
සූරියවැව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අද (10දා) අළුයම අනතුරට ලක්වීමෙන් මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය ප්රදේශයේ පදිංචි දෙදරු පියකු වන දුමින්ද හේවාවිතාරණ නම් උප පොලිස් පරීක්ෂකවරයකු බව පොලිසිය කියයි.
මියගිය උප පොලිස් පරීක්ෂකවරයා සූරියවැව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කර ඇති අතර ඔහු රාජකාරි කටයුතු නිමකර නිවෙස බලා යමින් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇතැයි අනාවරණය වී තිබේ. උප පොලිස් පරීක්ෂකවරයා ගමන්ගත් යතුරුපැදිය අළුයම 5 ත් 5.30ත් අතර කාලයේදී සූරියවැව වීරියගම ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති අතර ඔහුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය සැකකරයි.
සූරියවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත මහතා ඇතුළු නිලධාරිහු අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
අනීෂා මානගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

