අලුත්ගම පොලීසියේ සැරයන්වරයකු අතින් අත්වැරදීමකින් ගිනිඅවියක් ක්‍රියාත්මක වීමෙන් හමුදා සෙබලෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි’
සැරයන්වරයා අත්අඩංගුවට ගෙන පිස්තෝල ගිනි අවිය පොලිස් භාරයට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සිද්ධියෙන් තුවාල ලැබූවේ කබුරුපිටිය රණවිරු සෙවනේ රාජකාරි නිරත අලුත්ගම ඇතුම්ගොඩ ප්‍රදේශයේ පදිංචි 26හැවිරිදි සෙබළෙකි.
තුවාල ලද හමුදා සෙබලාගේ පියා විවෘත වරෙන්තුවකට අත්අඩංගුවට ගෙන පොලිසියේ සිරමැදිරියේ රඳවා සිටියදී ඊයේ හමුදා සෙබළ පුතා ඔහු බැලීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි පහර ඔහුගේ වම් අතට වැදී ඇතැයි පොලිසිය කියයි.
පරිසර අංශයේ සේවය කරන සැරයන්වරයා රාජකාරි සඳහා පිටත් වීම සඳහා උපසේවා නිලධාරියාගෙන් පිස්තෝලය ලබාගෙන එය පරික්ෂා කිරීමේදී එම වෙඩි පහර බිමට වැදි අනතුරුව සෙබලාගෙ අතට එල්ල වී ඇතැයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වහා ක්‍රියාත්මක වූ සෙසු පොලිස් නිලධාරීන් තුවාල ලද සෙබලා රෝහල්ගත කිරීමට පියවර ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත් ගුණරත්න මහතාගේ උපදෙස් මත කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා අලුත්ගම පොලිස් ස්ථානය වෙත ගොස් මූලික පරීක්ෂණ පැවැත්වීය
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැරයන්වරයා වැඩ තහනමට ලක් කළ බවත් ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා පැවසීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ