සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ බිරිඳ අස්මා කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව ජනාධිපතිවරයා ඊයේ (08දා) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
කොවිඩ්-19 ට සමාන මෘදු රෝග ලක්ෂණ අත්විඳීමෙන් පසු ජනාධිපති අල් අසාද් සහ ජනාධිපති ආර්යාව වන අස්මා අල් අසාද් PCR පරීක්ෂණයක් කළ අතර ප්‍රතිඵලයෙන් පෙනී ගියේ ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවය.
කෙසේ වෙතත් මේ වනවිට ඔවුන් හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර ඔවුන්ගේ තත්වය ස්ථාවර බවත්, ජනපති යුවළ සති තුනක් දක්වා නිරෝධායනය කරනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.
අසාද්ගේ වයස අවුරුදු 55ක් වන අතර, ඔහුගේ බිරිඳ ඔහුට වඩා අවුරුදු 10ක් ළාබාලය. ඔවුන්ගේ ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵල ලැබුනේ සිරියාව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට එන්නත් ලබාදීම ආරම්භ කර සතියකට වැඩි කාලයක් ගතවීමෙන් පසුවය.