කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් ලබා ගැනීමට වැඩි පිරිසක් උනන්දු කරමින් සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ඊයේ (06දා) චීනයේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නතේ පළමු වැනි මාත්‍රාව ලබාගෙන තිබේ.
"කිසිවක් සිදු නොවූවාක් මෙන් මට මහත් සතුටක් දැනෙනවා" ඔහු එන්නත් කිරීමෙන් පසුව පැවසීය.
කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට බෝල්කන් රාජ්‍යයට උපකාර කිරීම සඳහා චීනය සර්බියාවට එන්නත් ලබා දී ඇති අතර, නවතම තොගය පෙරේදා බෙල්ග්‍රේඩ් වෙත පැමිණ තිබේ.
ගුවන්තොටුපළකදී සීනොෆාම් එන්නත් තොගය ලබාගත් සර්බියාවේ අග්‍රාමාත්‍ය ඇනා බ්රනාබික් පැවසුවේ අපේ‍්‍රල් මාසය අවසන් වන විට වැඩිහිටියන්ගෙන් 40%කට පමණ පළමු වැනි මාත්‍රාව සමග එන්නත ලබාදීමට රට අපේක්ෂා කරන බවයි.