සර්බියානු ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධාන පූජක ඉරිනෙජ්, සිකුරාදා බෙල්ග්‍රේඩ් රෝහලකදී නව කොරෝනා වෛරසය ආශ්‍රිතව ඇති වූ සංකූලතා හේතුවෙන් අභාවයට පත්ව තිබේ.
සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ඉන්ස්ටග්‍රෑම් හි මරණය සනාථ කරමින් ප්‍රධාන පූජක ඉරිනෙජ්ගේ ඡායාරූපයක් පළ කරමින්, "ඔබතුමන් දැන ගැනීමට ලැබීම මට ගෞරවයක්. ඔබ වැනි අය කිසි විටෙකත් නික්ම නොයනු ඇති." යනුවෙන් පවසා තිබුණි.
කොවිඩ් -19 සඳහා ධනාත්මක පරීක්ෂණයක් කිරීමෙන් පසු නොවැම්බර් 4 වැනි දින ඉරිනෙජ් රෝහල් ගත කරනු ලැබීය. සර්බියානු ඕතඩොක්ස් පල්ලියේ කලින් ප්‍රකාශයකින් කියැවුණේ බ්‍රහස්පතින්දා ඔහුගේ තත්ත්වය නරක අතට හැරී ඇති බවය.
කොවිඩ්-19 වෛරසය වැලඳී ජීවිතක්ෂයට පත්වූ මොන්ටිනිග්‍රෝ සහ ලිටෝරල් බිෂොප්වරයාගේ අවමංගල්‍ය උත්සවයට පසුගිය නොවැම්බර් 01 වැනිදා සහභාගී විම නිසා සර්බියානු ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධාන පූජක ඉරිනෙජ් වෛරසයට ගොදුරුව ඇති බව කියයි.
එම ආගමික වතාවත් අවස්ථාවේදී දේහය විවෘතව පැවතී ඇති අතර, ඒ අවස්ථාවේදී විශාල පිරිසක් රැස්ව සිට ඇති අතර, පල්ලියේ පූජකවරුන් ඇතුළු සුඵ පිරිසක් මුඛ ආවරණ නොමැතිව ඊට සහභාගී වී ඇත.