1970 දශකයෙන් පසුව සඳෙන් පාෂාණ සාම්පල එකතු කළ පළමු වැනි රට ලෙසත්, එවැනි වික්‍රමයක් සිදුකළ ලොව තෙවැනි රට බවටත් පත්වෙමින් චීනය සඳ තරණ කළ චැන්ග්-5 යානය අද (17දා) බීජිං වේලාවෙන් අලුයම සාර්ථක ලෙස පෘථිවිය කර ගොඩබැස්ම සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.
චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනයට අනුව, ආපසු එන කැප්සියුලය හෙවත් රිටනර් යානය චීනයේ අභ්‍යන්තර මොන්ගෝලියාවේ ස්වයං පාලන කලාපයට උතුරින් පිහිටි සිසිවාන්ග් වෙත ගොඩබෑම සිදුකර තිබේ.
පුරාණ චීන චන්ද්‍ර දේවතාවියගේ නමින් නම් කරන ලද මෙම මෙහෙයුම ප්‍රථම වරට නොවැම්බර් 24 වැනි දින හයිනාන් හි වෙන්චැං අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශය බලා ගමන් කළේය.
"අභ්‍යවකාශ ගවේෂණය සඳහා අවසානයක් නැහැ" යැයි චීන ජනාධිපති ෂී ජින්පිං චැන්ග්-5 මෙහෙයුමේ සාර්ථකත්වය වර්ණනා කරමින් පවසා සිටියේය.
ජනාධිපති ෂී වැඩිදුරටත් පැවසුවේ චැන්ග්-5 චන්ද්‍ර මෙහෙයුමේ සාර්ථකත්වය චීනයේ සමස්ත ජාතික පද්ධතියේ තවත් ඵලයක් වන අතර, එය චන්ද්‍රයා බිහි වූ ආකාරය සහ සෞරග්‍රහ මණ්ඩලය විකාශනය වූ ආකාරය පිළිබඳ මානව වර්ගයාගේ පර්යේෂණ සඳහා දායක වන බවයි.
චීනයේ අභ්‍යන්තර මොන්ගෝලියානු කලාපයේ මෙම රිටනර් යානය ස්පර්ශ වූ තැන චීන ජාතික ධජය එසවීමටද කටයුතු කර ඇති අතර, එයින් ලබාගන්නා සාම්පල පර්යේෂණ සඳහා යොදාගැනීමට නියමිතය.
චීනයට පෙර සඳ සාම්පල රැගෙන පැමිණ තිබුණේ එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය පමණි. ඇපලෝ වැඩසටහන එක්සත් ජනපදය 1969 සිට 1972 දක්වා ක්‍රියාත්මක කරමින් එය සිදුකළ අතර, සෝවියට් සංගමය 1970 සිට 1976 දක්වා සිය සඳ සාම්පල ලබාගැනීමේ මෙහෙයුම් දියත් කළේය.