කොවිඩ් 19 වෛරසය ශරීරගතවී ඇතිදැයි සැකපිට බදුල්ල සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගහවෙල වසමේ පවුල් 15 කට අයත් 50 දෙනෙකු සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනි නදීකා ප්‍රිශාන්ති දිසානායක මහත්මිය සඳහන් කළේ මේ වන විට පවතින කොරෝනා රැල්ල ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ කොවිඩ් 19 ආසාදිතයැයි සැකකෙරෙන ඇඟළුම් සේවිකාවක බැලීමට මෙම පවුල්වල ඇතැමුන් ගොස් තිබීම හේතුවෙන් මෙසේ මෙම පිරිස නිරෝධායනයට යොමුකර ඇති බවයි.
කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිළධාරීන්ගේ නිර්දේශ මත මෙම පියවර ගෙන ඇති අතර එම පවුල්වලට අවශ්‍ය ආහාරපාන හා ජලය ඇතුළු මූලික අවශ්‍යතා සැපයීමට අදාළ අංශ පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ නිළධාරීන් කොට්ඨාසයේ සැක සහිත වෙනත් වසම් පරික්ෂා කළ නමුත් වෙනත් අවදානම් තත්වයක් මේ වන විට නිරීක්ෂණය වී නොමැති බවත් සභාපතිනිය සඳහන් කළාය.