මැතිවරණ නීතිරීතිවලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයන්/පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, කොඩි ඉවත් කිරීමට කටයුුතු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එවැන් ස්ටිකර් ඇලවීම 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ 74 වන වගන්තිය යටතේ වරදක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
පෞද්ගලික බස් රථ හා ත්‍රී රෝද රථ ඇතුළු සියලුම පෞද්ගලික වාහනවල අලවා ඇති ඉහත දැක්වූ වර්ගයේ ස්ටිකර් ගලවා ඉවත් කිරීමට සෑම පොලිස් බල ප්රදේශයක්ම ආවරණය වන ආකාරයේ හදිසි පරීක්ෂා කිරීම් සිදුකිරීමට ඒ ඒ නියෝජ්‍ය පොලිස්පතිවරු වෙත සහ කොට්ඨාස භාර පොලිස් නිලධාරීන්ද වෙතද ඒ මගින් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙතද අවශ්‍ය උපදෙස් කඩිනමින් නිකුත් කොට ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.